Bitcoin Sinhala

Introduction


Bitcoinsinhala youtube videos කරන කාලේ තිබ්බ market condition, site වල interface, deposit withdrawal වගේ හැම දෙයක්ම දැන් 200% වෙනස්වෙලා. ඉතින් ඔයා අලුතින් cryptocurrency වලට join වෙන්න ඉන්නව කෙනෙක්නම් අනිවාර්යයෙන්ම මේ post ටික බලන්න.

මොනාද Bitcoin කියන්නෙ...?

Bitcoin කියන්නෙ අපි normally use කරන සල්ලි වෙනුවට භාවිතා කරන්න හදපු digital asset එකක්. මේකේ තියනව ගතිගුණ අනුව මේකට මිනිස්සුන්ගෙ ආකර්ශනය වැඩි වෙන්න වෙන්න price එක වැඩි වෙන විදියට තමා design වෙලා තියෙන්නෙ ඒක නිසා $0.1 කටත් අඩුවෙන් 2009 දී මිල නියම වෙච්ච bitcoin අදා වෙනකොට $12,000 ට වගේ trade වෙනව. bitcoin ගැන සවිස්තරාත්මක post එකක් වෙනම දාල ඇති bitcoin ගැන  වැඩි විස්තර ඒකෙන් බලන්න.
ඉතින් මේකට තිබ්බ ඉල්ලුම වැඩි නිසා සහ supply එක එකම අගයක් වගේ නිසා මේක එන්න එන්න වැඩි වුණා..ඔයා මේ post එක කියවනවනම් කියවන්න හේතුවත් ඕකම තමා. Price එක වැඩි වුණේ නැත්නම් අපි කවුරුවත් මේක ගැන හොයන්නෙ නැහැ. Price එක වැඩි වෙනව වගේම දරාගන්න බැරි විදියට අඩු වෙන එකත් මේ market එකේ ලක්ෂණයක් ඒක නිසා එකපාරටම ඔයාට දරාගන්න බැරි ගණනක් මේකට දාන්න හිතන්නවත් එපා.

Cryptocurrency විදියට Bitcoin විතරයිද තියෙන්නෙ...? 

නැහැ Bitcoin වලට තිබ්බ ඉල්ලුම එක්ක තව එක එක පුද්ගලයන් bitcoin වල තිබ්බ පොඩි පොඩි දෝෂ නැති කරන්න හිතාගෙන තව තව අලුත් coin හදන්න පටන්ගන්නව ඉතින් සමහර coin bitcoin වලට වඩා ඉක්මනින් ජනප්‍රිය වෙනව වගේම සමහර ඒවා fail වෙනව ඔය කොහොම වුණත් දැනට market එකේ එකිනෙකට වෙනස් cryptocurrency වර්ග 3000 කට වඩා තියෙනව.ඉතින් ඒවගෙන් ගොඩක විස්තර coinmarketcap එකෙන් බලාගන්න පුළුවන්.හැබැයි තාමත් ලොක්ක bitcoin තමා. Bitcoin up වුණොත් තමා අනිත් coin up වෙන්නෙ. Bitcoin down වුණොත් අනිත් coin වලටත් sorry තමා

කොහොමද අපි මේ coin ගන්නේ..?

පළවෙනි කාරණය තමා ලංකාවේ card cex.io එකට add කරල දැන් bitcoin ගන්න බැහැ.මම video කරන කාලේ එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නැති උනාට දැන් central bank ඒකෙන් card deposit සේරම block කරල තියෙන්නෙ. ඒක නිසා crypto market එකට enter වෙන්න වෙන්නෙ දැනට crypto තියෙන කෙනෙක්ගෙන buy කරල තමා. එහෙම buy කරනවානම් අනිවාර්යයෙන් විශ්වාස කෙනෙක්ගෙන් buy කරන්න.

කැමති අයට අපේ exchange එක හරහා buy කරන්න පුළුවන්

දෙවැනි කාරණය තමා crypto වලට සල්ලි දාන්නේ නැතිව bounty සහ airdrops කරල crypto token earn කරන්න පුළුවන්. ඉතින් සල්ලි දාල risk එකක් ගන්නවට වඩා bounty airdrops කරන එක තමා හොදම. නිකං දෙනව කියල පොඩි ගණන් නෙවෙයි bounty වලින් එන්නෙ. මට සමහර bounty ඇවිත් තියෙනව $3000 ට වැඩියෙන්. ඉතින් මහන්සිය උනොත් ලොකු ගානක් හොයන්නෙ පුලුවන් bounty වලින්

එතකොට withdrawal පුළුවන්ද ලන්කාවට..?

අනිවාර්යයෙන්ම withdrawal පුළුවන්. Cex.io , bittrex වගේ exchange වලින් bank wire transaction වලින් ලංකාවට withdrawal කරන්න පුළුවන් හැබැයි fee එක පොඩ්ඩක් වැඩියි. ලොකු ගණන් withdrawal කරනවානම් කරාට පාඩු නැහැ. හැබැයි deposit බැරි නිසා crypto ගන්න බලාගෙන ඉන්නව ගොඩක් අය. ඉතින් එහෙම කෙනෙක්ට local sell කරන්න පුළුවන්නම් දෙන්නටම හොදයි.

කැමති අයට අපේ exchange එක හරහා withdraw කරන්න පුළුවන්

- Dasun Jayarathna -

Post a Comment

0 Comments