Bitcoin Sinhala

Bitcoin Scam Introduction


මේ cryptocurrency field එක කියන්නෙ සල්ලි ගොඩක් එහෙට මෙහෙට වෙන සහ එහෙම එහෙට මෙහෙට වෙන සල්ලි කාටද යන්නෙ කියල හොයන්න බැරි තැනක්.ඉතින් මේක නිසා ඔයා බැරිවෙලා හරි ඔයාගෙ crypto (btc,eth) දන්නෙ නැති කෙනෙක්ට යැවුවොත් අයේ ගන්න වෙන්නෙ නැහැ. ඒක නිසා අලුතින් market එකට එන අයව රවට්ටමින් සල්ලි වංචා කරන අය ගොඩක් ඉන්නව. ඒව ගැන සහ කොහොමද ඒවගෙන් බේරෙන්නෙ කියල තමා මේ section එකෙන් කතාකරන්නෙ.බොහෝවිට සිද්ද නිතරම වෙන දේවල් මේ විදියට මේ විදියට දාන්න පුළුවන් ඊට අමතරව කාලෙන් කාලෙට අලුත් අලුත් ක්‍රම හොයාගන්නව කට්ටිය ඒවත් ඉස්සරහට දාන්නම්

01 Cloud mining sites
02 Bot trading වලින් profit අරන් දෙනව කියන trading sites 
03 wallet එකේ coin HOLD කරනවට interest එකක් දෙනව කියන crypto wallets
04 pump and dump coin
05 crypto ගැන කියල දෙනව කියල සල්ලි ගන්න pyramid crypto course 
06 blockchain wallet එකට NONSPENDABLE BTC එවල ඒව  ගන්න නම් btc ටිකක් එවන්න කියන ඒව.
07 Eth or Btc යම්කිසි ප්‍රමානයක් එව්වම ඒ වගේ 10 ගුනයක් දෙනව කියන sites 

- Dasun Jayarathna -

Post a Comment

0 Comments