Bitcoin Sinhala

BitcoinSinhala TUSD - LKR Crypto Exchnage


ගොඩක් දෙනෙක්ට Crypto ගන්න sell කරන්න තියෙනව platform එකින් එක ලංකාවට අඩු වෙලා යනව. අනික deposit withdraw fee සහ currency conversation fee එක ගත්තම සැලකියයුතු ගණන් fee add වෙනව අනික withdrawal time එක දැන් වැඩියි ඒක නිසා ගොඩක්ම ලේසි ක්‍රමය තමා local peer to peer buy and sell කරන එක ඉතින් ලංකාවේ මේක කරන්න ලේසියෙන් බැරි හේතුව තමා $5,10 ටත් වන්චා කරන පුද්ගලයො ඉන්න එක.මේ හෙතුව නිසා buy කරන්න සහ sell කරන්න ඉන්න අයට bitcoinsinhala හරහා crypto USD buy කරන්න සහ lkr වලට withdrawal කරන්න දැන් පුළුවන්..
මේක crypto buy කරන්න දෙන උපදේශයක් නෙවෙයි. invest only what you can afford to lose

01 කොහොමද මේක සිද්ද වෙන්නෙ


Crypto (BTC,ETH,etc) sell කරල lkr වලට withdraw කරගන්න අය ඉන්නවනම්  ඕනම cryptocurrency එකක් top 10 අතර තියෙන ඕනම exchange එකකින් TUSD (මේවගේ වටිනාකම $1) stable token එකට හරවන්න ඊට පස්සෙ google form එක fill කරල  මාව contact කරල bitcoinsinhala wallet එකට send කරන්න. wallet එකට token ඇවිත් 30 min වලින් ඔයාගෙ bank එකට දැනට යන rate එකෙන්  lkr ටික withdraw කරගන්න පුළුවන්. 

Bitcoin sinhala Wallet address එක කියන්නෙ මෙන්න මේ address එක (0x02aa9DD336BDE673e2fB1BE4e814E1ae5F9Dba4a)

Crypto(BTC,ETH etc..) buy කරන්න ඉන්න අය මේ google form එක fill කරල  මාව contact කරල bank එකට සල්ලි deposit කරල payment එක ඇවිත් 30 min වලින් exchange(ex-binance) එකක තියෙන ඔයාගෙ wallet එකට TUSD send කරනව. එතනින් TUSD වලින් ඕනම coin එකක් token එකක් ගන්න පුළුවන්.

02 BTC/ETH නැතුව Stable token use කරන්නෙ ඇයි.


BTC සහ අනිත්  cryptocurrency වල price එක තප්පරයෙන් තප්පරයට වෙනස් වෙනව.btc seller කෙනෙක්ගෙන් ගන්න ගියාම අද price එක නෙවෙයි හෙට මේක ඔයාල අත්විදල ඇති.සමහරවිට transaction එක වෙද්දී ලොකු ගාණකින් ගන්න BTC වල  price වෙනස් වෙලා.මේකෙදි අපි කරන්නෙ exchange කිරීමක් විතරයි ඉතින් exchange කරන අතරෙ සිද්දවෙන price change එක වළක්වා ගන්න තමා stable token use කරන්නෙ.මේවා හැමතිස්සෙම $1 අතරෙ තමා value එක තියෙන්නෙ ඉතින් USD එකක් විදියට සලකන්න පුළුවන්.මොනම හේතුවක් උඩවත් Unstable currency exchange කරන්නෙ නැහැ. අනිත් එක තමා ගොඩක්ම popular stable Token එක වෙන USDT(Tether) use කරන්නෙ නැහැ. අපි use කරන්නෙ දෙවනියට use වෙන stable Token එක වෙන TUSD(true USD). tether සහ bitfinex exchange එක ගැන එන news එච්චර හොද නැහැ ඒකයි USDT use කරන්නෙ නැත්තෙ සහ USDT fee එකත් true USD වලට වඩා වැඩියි.

03 කොහොමද rate එක 


ගනුදෙනුවක් කරණකොට 100% Transparent එක ඉතාම වැදගත්.ගනුදෙනු මැදදි rate එහෙම වෙනස් වෙන එක, Hidden fee add වෙන එක, delay වෙන එක වගේ ඒවා නිසා වෙන්නෙ අපිට ගනුදෙනු එපාකරවන එක.ඉතින් ඒක නිසා මෙතන කියල තියෙන විදියට තමා ගනුදෙනුව ඉස්සරහට සිද්ද වෙන්නෙ.
ඕනම කෙනෙක්ට පුලුවන් rate එක බලල තමන්ට ලැබෙන LKR හෝ තමන් ගෙවන්නට අවශ්‍ය LKR ගනන බලල මේ හරහා ගනුදෙනුව කරනවද නැද්ද තීරනය කරන්න.

Withdrawing rate 1TUSD = (Google USD rate ) LKR

Google USD rate එක මෙතනින් 

ex-binance එකේ $100 btc තියාගෙන ඉන්න කෙනෙක් binance එකෙන් TUSD 100 කට හරවල අපේ wallet එකට එවනව. (එතනදි TUSD withdrawal fee එකක් කැපෙනව 1.5 TUSD වගේ,btc send කරත් $3 වගේ fee එකක් යනව) අපේ wallet එකට TUSD 98.5 ක් එනව. ඒ වෙලාවෙ google USD rate එක 180 Lkr නම් 1USDT = 180 Lkr වලින් 98.5 ට pay කරනව ඒ කියන්නෙ 98.5×(180)= 17730 lkr 
මේකෙදි google USD rate එකටම LKR withdraw කරගන්න පුළුවන්. Withdrawal fee එකක්වත් currency conversion fee එකක්වත් add වෙන්නෙ නැහැ. Exchange එකකින් bank එකකට withdrawal කරොත් USD එකකින් 5LKR වගේ කැපෙනව

Buying price 1 TUSD = (Google USD rate +10) LKR

Google USD rate එක මෙතනින්

$100 ක BTC ගන්න ඉන්න කෙනෙක් google USD rate එක 175 lkr තියෙනව වේලාවක මාව contact කරල 100×(175+10) = 18500 LKR deposit කරාම. එයාගෙ TUSD wallet එකට 100TUSD send කරනව. ඊට පස්සෙ TUSD ටික use කරල BTC/ETH වගේ ඕනම coin එකක් buy කරන්න පුළුවන්.මේකෙදි 10lkr වැඩි වෙන්නෙ අපේ wallet ඒකෙන් transfer කරන්න blockchain fee එකක් සහ මේ අතරමැදි වැඩේ කරන්න time එකක්, transaction කරන්න ගන්න risk එක නිසා.මොකද මේ blockchain transaction හැම එකක්ම ආයේ ආපිට හරවන්න බැහැ වැරැද්දක් උනොත් වුණා තමයි.කොහොමත් exchange එකකින් deposit කරත් ඔයිට වඩා fee එකක් add වෙනව deposit කරද්දි.

04 අනිවාර්යය කරුණු 


i)  buy or sell කරන අය අනිවාර්යයෙන් LKR, TUSD send කරන්න කලින් මාව contact කරන්න

ii) මුලින් මුදල් හෝ USDT එවිය යුතුය, 30 min ඇතුළේ මුදල් හෝ TUSD ලැබෙනු ඇත.

iii) Wallet address එක සමඟ wallet address එකේ screenshot එකක් අනිවාර්යයෙන්ම එවිය යුතුය. (Wallet address එක හරියටම හරිද කියල confirm කර ගැනීම සදහා)

iv) TUSD 10 ට වැඩි ඕනෑම TUSD ප්‍රමානයක් ඔබට LKR බවට පත්කරගත් හැක සහ අවම මිලදී ගතහැකි TUSD ප්‍රමානය 30TUSD කි.

V) මෙය crypto exchange කරන්න එකම solution එක නෙවෙයි ඉතින් buy-sell කරන අය ඕන තරම් ඉන්නව exchange එහෙමත් තියෙනව කැමති කෙනෙක්ට පමනක් use කරන්න පුළුවන්. contact කරන්න කලින් මේක හොදට කියවන්න සහ ඔයා crypto buy කරන්න ඉන්න කෙනෙක්නම් මේ උඩ කියල තියෙන දේවල් ඔයාට තවම (TUSD) තේරෙන්නෙ නැත්නම් තවම crypto buy කරන්න වෙලා වැඩියි තව crypto ගැන හොයල buy කරන්න. $10,$20 BTC buy කරන්න ඉන්නවනම් කියන්න තියෙන්නෙ ඒක නිෂ්ඵල දෙයක් මොකද transaction දෙකක් කරණකොට ඔය ටික ඉවරයි.අනික $10,$20 ක BTC අරන් අවුරුදු 10 කින් කෝටිපතියා වෙන්න් හීන මවන්න එපා. $10 ක BTC වලට අවුරුදු 10 කින් එච්චර දෙයක් කරන්න බැහැ.(හැබැයි වෙන coin එකකට පුළුවන් වෙන්න පුළුවන් ).මේක කිසිම විදියට crypto buy කරන්න දෙන උපදේශයක් නෙවෙයි. loss වෙන්න පුළුවන් ගණනක පමණක් coin buy කරන්න අනික ලංකාවේ තාම crypto ගැන නීති නැති නිසා මේක group එකේ අය අතර සිද්දවෙන ගනුදෙනුවක් විතරයි.අනිත් කාරණය තමා කිසිම විදියට hype investment වලට, telegram එකෙන් set වුණ mining firm වලට, daily mining වෙන website වලට දාන්න crypto buy කරන්න එපා.

Vi) TUSD withdrawal fee එක ගැනත් කියන්නම් දැනට ගොඩක් Exchange වල TUSD  withdrawal fee එක TUSD 1 ක්. Eth price එකත් එක්ක withdrawal fee එක වැඩි වෙන්න පුළුවන් ඉස්සරහට බලමු එතකොට වෙන විකල්පයක් තෝර ගන්න

05  TUSD buy කරන්න හෝ TUSD withdraw කරල LKR කරගන්න මේ form එක fill කරන්න


06 දැනට තියෙන buy sell open orders මෙතනින් බලාගෙන පුළුවන්


07  bitcoin sinhala Exchange wallet addess එක මෙතනින් බලන්න පුළුවන්

-- Dasun Jayarathna --

Post a Comment

0 Comments