Bitcoin Sinhala

ICO/ITO/IEO - Introduction

මුලින්ම කියන්න ඕන දැන් ICO/ITO කාලේ ඉවරයි.දැන් තියෙන්නෙ IEO trend එක.ඔය මොන විදියට කිව්වත් මේ සේරගෙම වෙන්නෙ එකම දෙයක්.

Coinmarketcap එකේ තියෙන ගොඩක් coin token ඇවිල්ල තියෙන්නෙ ICO/ITO/IEO එකකින්. ICO එකක් කියන්නෙ share market එකේ IPO (initial public offering)  එකකට සමාන කරන්න පුළුවන් IPO එකක් කියල කියන්නෙ මූලික කොටස් නිකුතුව. ඒ කියන්නෙ යම් සමාගමක් එයාලගෙ සමගමේ කොටස් ආයෝජනයන් අතරෙ බෙදලා සල්ලි අරන් ඒ මුදලින් තමා project එක run කරන්නෙ. ඊට පස්සෙ company එකේ profit එක අනුව shares වල මිල අඩු හෝ වැඩි වෙනව. ICO වලත් වෙන්නෙ ඔහොම දෙයක්. Crypto project එකක් එයාල කරන්න යන දෙය සහ project එකට අදාළ සියලුම විස්තර whitepaper කියන එක මගින් ඉදිරිපත් කරනව.මේ whitepaper එක බලල අපිට තීරනය කරන්න පුලුවන් මේ project එකේ coin එකේ price ඉදිරියේදී වැඩි වෙයිද අඩු වෙයිද කියන එක.එහෙම තීරනය කරල coin එක ගන්න පුළුවන් නියමිතය ICO price එකට.ඉස්සරනම් ICO එක කරේ project එකේම site එකෙන් හෝ ICO වලට support කරන platform වලින්. එතකොට අපේ ළඟ තියෙන ETH or BTC transfer කරල ICO token/coin ගන්න පුළුවන් ඊට පස්සෙ token exchange එකක list කරාට පස්සේ sell කරන්න පුළුවන්. මුලින්ම ආපු ICO හොද ICO වුණාට පස්සේ පස්සේ fake ICO ආපු නිසා ගොඩක් අය ICO වලට invest කරල loss වුණා, මේක නිසා ICO වලට තිබ්බ interest එක අඩුවෙලා ගියා සහ දැන් නැත්තටම නැහැ වගේ.

දැන් IEO (Initial exchange offering) වලදි වෙන්නෙ ICO වල සිද්ද්වෙන දෙයම cryptocurrency exchange එකක් මාර්ගයෙන් සිද්ද කරන එක. දැනට තියෙන main exchanges හැම එකම වගේ IEO offering platform හදල තියෙන්නෙ ex - binance lunchpad

ලංකාවේන් IEO buy කරන්න පුළුවන්ද..?

IEO එකක් ගන්නවනම් අනිවාර්යයෙන්ම market එකට ආවම token price වැඩි වෙන්න ඕන නැත්නම් ගන්න token වලින් loss වෙන එක තමා වෙන්නෙ. සාමාන්‍යයෙන් binance,okex වගේ exchange වලින් offer කරන IEO 10 ගුණයකින් වගේ වැඩි වෙනව.ඉතින් මේවා ගන්න තියෙන compitition එකත් වැඩියි. Binance exchange එකේ IEO ගන්න නම් BNB 500 ක් HOLD කරල තියෙන්න ඕන exchange එකේ. කොහොම නමුත් ලංකාවේ crypto ගැන නීති හරියට හැදිල නැති නිසා ගොඩක් exchange වලින් IEO ගන්න බැරි list එකට ලංකාව දාල තියෙනව. පොඩි පොඩි exchanges වලින් IEO ගන්න පුළුවන් වුණාට එවගෙන් තියෙනව IEO up වෙන සම්භාවිතාව වැඩි නිසා risk එක වැඩියි..

- Dasun Jayarathna -

Post a Comment

0 Comments