Bitcoin Sinhala

මොනවද තියෙන ප්‍රධාන Cryptocurrency Wallet වර්ග


මූලිකව Wallets ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන් ඒ Hot wallet සහ cold wallet විදියට. ඒවත් single currency wallets සහ multi-currency wallets විදියට වර්ග කරන්න පුළුවන්. ඒවත් පහත ආකාරයට තවත් කොටස් 5 කට බෙදන්න පුළුවන්. 


Hot wallet

Wallet එක නිතරම internet එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන wallet hot wallet විදියට හඳුන්වන්න පුළුවන්.නිතරම internet එකත් එක්ක සම්බන්ධ නිසා මේ wallet security අතින් cold wallet වලට වඩා දුර්වල wallet ජාතියක්.
  •  Web wallet
  •  Mobile
  •  Desktop wallet

Cold wallet

Wallet එක internet එකත් එකක් සම්බන්ධ නැති wallet cold wallet විදියට හඳුන්වන්න පුළුවන්. මේවා hot wallet වලට වඩා security අතින් ඉදිරියෙන් ඉන්නව. කොහොම වුණත් transaction එකක් කරන්න නම් cold wallet වුණත් internet එකත් එක්ක සම්බන්ධ කරන්න වෙනව.
  •  Paper wallet
  •  Hardware wallet

01 Single currency wallets

Single currency wallets කියන්නෙ එක coin එකක් විතරක් සහ ඒ coin එකට අදාළ tokens ගබඩා කරන්න පාවිච්චි කරන wallets වලට. මේ wallet වල store කරන්න පුළුවන් එක coin ජාතියක්වි තරයි.බොහෝ විට මේ wallet develop කරන්නෙ coin එක develop කරන අයම තමයි. Coin එක famous වුණොත් වෙන වෙන 3rd party වලින් වුණත් wallet develop කරන්න පුළුවන්

Ex – exodus, bitcoin core, myethwallet
  •  Paper wallets
  •  Desktop wallet
  •  Web wallet
  •  Mobile wallet
  •  Hardware wallet


02 Multi-currency wallets

Multi-currency wallets කියන්නෙ coin දෙකක් හෝ ඊට වැඩිගනනක් store කරන්න පුළුවන් wallets. මේ wallets පසු කාලීනව develop කරපු wallet වන අතර බොහෝවිට 3 rd party එකක් මගින් wallet එක develop and maintenance කරනු ලබයි.

Ex – blockchain, coinbase, exchanges wallets

  •  Paper wallets
  •  Desktop wallet
  •  Web wallet
  •  Mobile wallet
  •  Hardware wallet


මේ හැම wallet එකක් ගැනම විස්තර ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වෙන්න

-- Dasun Jayarathna --

Post a Comment

1 Comments

  1. ඇත්තටම ලොකුවට bitcoin ගැන දැනගෙන හිටියේ නැහැ. මේ Blog එකෙන් මම bitcoin කියන්නේ මොකක්ද? Bitcoin Foundation එක දැනගත්තා

    ReplyDelete