Bitcoin Sinhala

Cryptocurrency exchange එකක් තෝරාගැනීමේදී සැලකියයුතු කරුනු


Cryptocurrency trade කරන්න exchanges 200-300 තිබ්බත් coin එකක් trade කරන්න exchange එකක් තෝරාගන්නකොට අපි කරුනු කිහිපයක් බලන්න අවශ්‍ය වෙනව.දැනට තියෙන exchanges මෙතනින් බලන්න පුළුවන්

01 Buy or sell කරන්න යනව coin එක exchange එකේ list කරල තියෙනවද කියන එක
02 විශ්වාසනීය භාවය
03 Trading volume එක සහ buy sell order අතර පරතරය/ විශාලත්වය
04 Deposit withdrawal fee එක 
05 Deposit withdrawal limitations 
06 Deposit withdrawal වෙන්න අවශ්‍ය අවම confirmation ගණන
07 අවම trade කල හැකි token ප්‍රමානය
08 Taker maker fee එක 
09 Security තත්ත්වය


01 Buy or sell කරන්න යනව coin එක exchange එකේ list කරල තියෙනවද කියන එක

Coin එක list වෙලා  තියෙන්නෙ එක exchange එකක විතරයි නම් ඉතින් කරන්න දෙයක් නැහැ ඒකෙන් buy sell කරන්න වෙනව.Coin එක exchange 2-3 කම list වෙලා තියෙනව නම් පහළ තියෙන කරුණු සලකා බලන්න පුළුවන්.

02 විශ්වාසනීය භාවය

මේ කරුණු වලින් විශ්වාසනීය භාවය ඉතාමත් වැදගත්කම සාධකයක්. මොකද trading කරන්න කියල අපි crypto හෝ USD අපි මේ කියන exchange එකට deposit කරන්න වෙනව. ඉතින් මෙහෙම deposit කරන crypto වලට වගකියන්න exchange එක බැදී ඉන්න ඕන. ඒක නිසා team එකක් එහෙම හරියට දන්නෙ නැති low volume එකක් තියෙන පොඩි පොඩි exchange වල trade කරන්න යන එක නුවණට හුරු නැහැ.හැමතිස්සෙම volume එක වැඩි coinmarketcap එකේ උඩින් තියෙන exchange එකක් use කරන්න බලන්න.

03 Trading volume එක සහ buy sell order අතර පරතරය/ විශාලත්වය

අනිත් වැදගත් කාරණය තමා trading volume එක සහ buy sell orders අතර පරතරය buy sell orders අතර ගොඩක් ලොකු පරතරයක් තියෙන exchanges use කරන්න හොද නැහැ එහෙම exchanges වලින් අපිට coin buy කරන්න sell කරන්න වෙන්නෙ දැන් market එකේ යන price එකට වඩා ගොඩක් වැඩි හෝ අඩු අගයක. අනිත් කාරණය තමා buy sell අතර පරතරය අඩු වුණත් වැඩක් නැහැ තියෙ buy sell orders ඉතාම කුඩා buy/sell orders නම්.හිතන්න ඔයා $10,000 ක ETH sell කරන්න හිතාගෙන ඉන්නව ඒත් trade කරන exchange එකේ තියෙන ඔක්කොම buy orders එකතු කරත් $5000 නම් තියෙන්නෙ ඔයාට sell කරන්න වෙන්නෙ $5000 ක ETH විතරයි  ඉතින් හැමතිස්සෙම ඔයා trade කරන්න යන coin එකේ trading volume එක වැඩි exchange එකක් තෝරාගන්න. Trading volume එක ගොඩක් වැඩියි කියන්නෙ බොහෝවිට පරතරය අඩු ලොකු buy/sell orders තියෙනව

04 Deposit withdrawal fee එක 

ගොඩක් exchanges වලට crypto deposit fee එකක් නැහැ නමුත් සමහර exchange තියෙන්න පුළුවන් deposit fee එකක් ගන්න. එහෙම exchange වලට දානකොට ඒ පිලිබද දැනුවත් වෙලා දාන්න. හැම exchange එකක්ම withdrawal fee එකක් අය කරනව මොකද crypto withdraw කරද්දි blockchain transaction fee එකක් ගෙවන්න වෙන නිසා. කොහොම නමුත් blockchain transaction fee එක වගේ 10 ගුණයක් වගේ fee එකක් exchanges අය කරනව කොහොම නමුත් withdrawal fee එක exchange ඒකෙන් එකකට වෙනස් ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න exchange එකකින් exchange එකකට crypto transfer කරනවනම් withdrawal fee එක අඩු coin එකක් use කරන්න ඒක ගැන ඉදිරියේදී post එකක් දාන්නම්.

05 Deposit withdrawal limitations

සමහර exchanges තියෙනව එයාල කියනව මෙන්න මේ coin එක deposit කරනවනම් අවම මෙච්චරක් deposit කරන්න නැත්නම් balance එකේ පෙන්නන්නේ නැහැ කියල. ඉතින් අඩු ගණනක් deposit කරොත් අර කියන ගණන එනකම්  deposit කරන්න වෙනව නැත්නම් දාපු ගණන exchange එකේ හිරවෙනව. Withdrawal එහෙමත් එහෙමයි සමහරවිට ඔයා දාපු ගණන withdraw කරන්න බැරි වෙන්න පුළුවන් minimum withdrawal amount එකට වඩා අඩු නිසා. ඒක නිසා මේ කාරණය අනිවාර්යයෙන්ම හොඳට බලන්න ඕන

06 Deposit withdrawal වෙන්න අවශ්‍ය අවම confirmation ගණන

මේක ගොඩක්ම බලපාන්නේ ගොඩක් popular නැති coin වලට අපි නිතරම use කරන popular coin වලට එච්චර ලොකුවට බලපාන්නේ නැහැ. Coin එකක් deposit කරාම ඕනම exchange එකකින් කියනව confirmation මෙච්චර ගාණකින් තමා deposit එක ඔයාගෙ balance එකේ පෙන්නන්නේ කියල. Confirmation කියල කියන්නෙ ඔයා deposit කරාට පස්සේ blockchain එකේ කොච්චර block ගණනක් ඉස්සරහට ගියාමද balance එකේ පෙන්නන්නේ කියල ex- binance එකේ ETH deposit වෙන්නෙ ඔයා deposit කරපු block එකෙන් block 12 ක් ඉස්සරහට ගියාම. Ethereum නම් block 12 ක් යන්න යන්නෙ විනාඩියක වගේ කාලයක. නමුත් සමහර exchange තියෙනව සමහර coin වලට block 50 - 100 confirmation දීල තියෙනව. ඉතින් සමහර coin සමහර exchanges වලට deposit වෙන්න පැය ගනන් බලාගෙන ඉන්න වෙනව. එතකොට හදිස්සියෙ sell කරගන්න ඕන වුණොත් කරගන්න බැරි වෙනව. ඒක නිසා withdrawal නැතත් deposit වෙන confirmation ගණන ඉතාම වැදගත් ගොඩක් popular නැති coin වලට.

07 අවම trade කල හැකි token ප්‍රමානය

හැම exchange එකකම trading කරණකොට අවම buy sell order size එකක් තියෙනව. ඉතින් ඒකට වඩා අඩු ගණනක් deposit කරාට trade කරන්න බැහැ. එහෙමත් වුණොත් deposit කරපු crypto ටික exchange එකේ හිරවෙනව. ඒක නිසා $50 ට වඩා  ගනනක් deposit කරන්න යනවනම් ඒක ගැනත් බලන්න ඕන.

08 Taker maker fee eka

Taker/maker fee එක කියල කියන්නෙ trading කරණකොට exchange එක අයකරන fee එක normally ගොඩක් exchange වල මේක 0.1% වගේ මේකනම් එච්චර ලොකුවට බලන්න දෙයක් නෙවෙයි.

09 Security තත්ත්වය  

අනිත් කාරණය තමා exchange එකේ security තත්ත්වය. කලින් exchange එක hack වෙලා තියෙනවද එහෙනම් එහෙමත් වුණාම loss එක exchange එක දරාගෙන තියෙනවද කියන කාරණය.

මෙහෙම ගොඩක් කරුණු සලකල බැලුවම දැනට trade කරන්න හොඳම exchanges විදියට මේ පහළ තියෙන exchanges කියන්න පුළුවන්.මේ exchanges වල account හදල ID verify කරල තියාගන්න එක හොඳයි සමහරවිට $10-$20 airdrops/Trading contest  එහෙමත් දෙනව මේවගේ එතකොට ID verify කර කර ඉන්නකොට giveaway එක miss වෙන්න ඉඩ තියෙනව

01 Binance
02 Okex
03 Huobi Global
04 Bitforex 
05 Cex.io
06 Coinbene
07 Bittrex
08 Digifinex
09 Binance Dex (Decentralize)
10 Forkdelta (Decentralize)

crypto field එකේ ඉන්නකොට ඔය main exchange වගේම පොඩි පොඩි ගොඩක් exchanges අපිට use කරන්න සිද්ධ වෙනව. කොහොම නමුත් daily trading කරන්නෙ නැතිව ලොකු amount එකක් exchange එකක තියාගෙන ඉන්නව කියන එක නුවණට හුරු දෙයක් නෙවෙයි මොකද security අතින් ඉහළයි කිව්ව ප්‍රදාන exchange එකක් වෙන binance exchange එකත් hack වුණා. ඉතින් private wallet එකකට crypto දාලා තියෙන එක තමා හොදම

- Dasun jayarathna -

Post a Comment

0 Comments