Bitcoin Sinhala

Cryptocurrency Wallets - Introduction


Crypto field එකේ ඉන්න ගොඩක් දෙනෙකුට වැදගත් දෙයක් තමා wallets. Cryptocurrency wallet ගොඩක් තියෙනව වගේම wallet එකකට වඩා අනිවාර්යයෙන් අපිට use කරන්න වෙනව ඉතින් මේ wallet ගැන හොද අවබෝධයක් තියෙන එක ඉතාම වැදගත්.එතකොට මොන wallet එක මොන අවස්ථාවට ඕන වෙනවද බලල හොදම wallet එක භාවිතා කරන්න පුළුවන්.මේ post එකේදී bitcoin සහ etherium ගැන තමා මූලිකව කතා කරන්නෙ හැබැයි අනිත් coin වලත් wallet ක්‍රියාකරන්නෙ මේ විදියටම තමා

ඇයි අපිට Crypto wallet එකක් ඕන වෙන්නෙ...?

Crypto field එකේ ඉන්නකොට අපිට cryptocurrency ලබාගන්න,store කරල තියාගන්න සහ කාටහරි send කරන්න ඕන වෙනව මෙන්න මේ ටික කරගන්න අපිට cryptocurrency wallet එකක් ඕන වෙනව..

මොකක්ද crypto wallet එකක් කියල කියන්නෙ..? 

සරලවම කිව්වොත් crypto wallet එකක් කියන්නෙ public key (13U57xQsZQCrs2LY8ceE7vHUXQgV2oqP7N) එකක් සහ private key (L1iE8PV7u5FrQvUqEJ4cM2S8KBkpnqxj5oDRZyGv1qTAzyhSLwEb) එකක් කියන දෙකේ එකතුවට.සාමාන්‍යයෙන් අපිට මේ public key එක අපේ email address එකට සහ private key එක email address එකේ password එකටත් සමාන කරන්න පුළුවන්.

Crypto wallet එකක් සහ email address එකක් අතර සමානකම්.

01 email ලබාගන්න email address එකක් තියෙනව / bitcoin ලබාගන්න bitcoin public address එක තියෙනව
02 email එකක් යවන්න අවශ්‍යනම් password enter කරල email එකට log වෙලා වෙන කෙනෙකුට email එකක් යවන්න පුළුවන් / bitcoin send කරන්න ඕන නම් private key එක enter කරල wallet එකට log වෙලා වෙන bitcoin address එකකට bitcoin යවන්න පුළුවන්
03 email ලබාගන්න email එකට log වෙලා ඉන්නම අයශ්‍ය නැහැ / bitcoin ලබාගන්න Bitcoin wallet එකකට log වෙලා ඉන්න අවශ්‍ය නැහැ.
04 email send කරන්න internet connection එකක් අවශ්‍ය වෙනව / bitcoin send කරන්නත් internet connection එකක් අවශ්‍ය වෙනව

Crypto wallet එකක් සහ email එකක් අතර අසමානකම්

01 email address එකක් සඳහා අපට අවශ්‍ය address එකක් තෝරාගත හැක. නමුත් wallet address එකක් auto generate වෙන අතර අපිට අවශ්‍ය address එකක් තෝරාගතනොහැක
02 email password අවශ්‍ය වේලාවට වෙනස් කල හැක නමුත් wallet ඒකක private key එක වෙනස් කළ නොහැක

03 email password reset කිරීම නැති උන password ලබාගැනීම සිදුකල හැකිය නමුත් Private key නැති වුවහොත් නැවතත් ලබාගත නොහැකිය. එම wallet එකේ ඇති සියලුම මුදල් නැවත ලබාගත නොහැක

Wallet එකකට BTC දැම්මම ඇත්තටම BTC store වෙනවද....?

BTC wallet වලට දාන ගොඩක් දෙනෙක් මෙන්න මේ දෙය වැරැදියට තේරුම් අරගෙන තියෙනව කියල පේනව.ඇත්තටම physically BTC හෝ අනිත් වෙන coins/Tokens නැහැ. එහෙම නිසා මේවා ඇත්තටම store කරනව කිව්වට මේවා ඇත්තටම wallet එකකට දැම්මට wallet එකට physical දෙයක් transfer වෙන්නෙ නැහැ.trasfer වෙන්නෙ  ඊට අදාල data.ඒක පැහැදිලි කරගන්න BTC transfer වෙන්නෙ කොහොමද කියල බැලුවම පැහැදිලි කරගන්න පුළුවන්.

දැනටම හැම කෙනා ලගම තියෙන BTC ප්‍රමානය

අපි හිතමු මේ විදියට W1,W2,W3,W4,W5 කියල 5 දෙනෙක් BTC wallet 5k තියාගන්න ඉන්නව කියල මෙයාලා ගාව පෙන්නල තියෙන BTC ගණන් තියෙනව කියලත්. 

මේ BTC blockchain එක public ledger එකක් තියෙන blockchain එකක් ඒක නිසා මේ blockchain එක ඇතුළෙ තියෙන හැම wallet එකකම තියෙන BTC balance එකේ update (Ledger එක ) එකක් තියෙනව. දැන් හිතමු මේකෙ ඉන්න W2 කියන පුද්ගලයට ඕන W1 කියන පුද්ගලය ළඟට 5 BTC යවන්න ඕන කියල.ඉතින් W2 තමන්ගේ private key එක දීල wallet එකට log වෙලා W1 ට 5 BTC යවන්න transaction එකක් open කරනව
W1, W2 ට 5 BTC send කිරීම
දැන් මේ transaction එක mining pool එකට යනව එතැන ඉන්න miner කෙනෙක්(W5) (miner කියන්නෙ blockchain transaction එක හරිද බලල transaction එක හරිනම් ඒක verify කරන පුද්ගලය). Transaction එක verify කරල ඊලඟට එන block එකට මේ transaction එක දාලා ledger එක update කරනව ඒ කිව්වෙ miner බලනව W2 ,W1 ට BTC 5ක් යවනව නම් W2 ළඟ BTC 5 ක් හෝ ඊට වැඩි ගානක් තියෙන්නෙ ඕන.ඉතින් මේ miner බලනව BTC blockchain එකේ හැම transaction එකක්ම අවුස්සල 2009 ඉදන් W2 wallet එකට ආපු BTC ගණනයි W2 ගෙන් පිටට ගියපු BTC ගණනයි එහෙමත් බලල සහ තව කරුණු ටිකක් සලකල එයා තිරනය කරනව මේ transaction එක කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියල.ඊට පස්සෙ මේ transaction එක කරන්න පුළුවන් එකක් නම් ledger එක update කරනව කිව්වෙ හැම කෙනෙක්ගෙ ලගම තියෙන ledger එකේ update වෙනව මේ විදියට.

Ledger එක update වීම

දැන් හැම කෙනාම දන්නව W2 ගේ ගාවින් 5BTC අඩු වෙලා ඒ කියන්නෙ දැන් W2 ළඟ තියෙන්නෙ 5 BTC  සහ W1 ගාව 5BTC වැඩි වෙලා ඒ කියන්නෙ දැන් W1 ළඟ තියෙනව 5 BTC.එතකොට තේරෙනව ඇති මේ transaction වලද physical මොනවත් එහෙට මෙහෙට යන්නෙ නැහැ කියල.
දැන් හැම කෙනා ගාවම තියෙන BTC ප්‍රමානය
ඒක නිසා wallet ඒකක bitcoin store වෙනව කියල කිව්වට ඇත්තටම bitcoin store වෙන්නෙ නැහැ ඔයාගෙ wallet එකට bitcoin දැම්මම store වෙන්නෙ ඒකට අදාළ data විතරයි.



Post a Comment

0 Comments