Bitcoin Sinhala

Bitcoin Introduction




Cryptocurrency field එකේ ඉන්න සහ නැති ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමා Bitcoin කියන්නෙ.crypto field එක ආරම්භ වුණෙත් මෙන්න මේ Bitcoin නිසා තමා.ඒක නිසා Bitcoin කියන සාධකය crypto වලට ඉතාමත් වැදගත් වගේම මේ Bitcoin කියන්නෙ මොකක්ද කියල දැනගෙන ඉන්න එක crypto field එකේ ඉන්න අයට ඉතාමත් වැදගත්. මේ ලිපියෙන් අපි කතාකරන්නෙ මොකක්ද මේ Bitcoin කියන්නෙ සහ කොහොමද මේ Bitcoin කියන එක හැදුණෙ කියන එක ගැන technical නොවන මූලික තොරතුරු ටිකක්.

මිනිස්සු දියුණුවට පත්වෙලා එකිනෙකා සමඟ ගනුදෙනු කරණකොට ගනුදෙනු විධිමත්ව  පහසුවෙන් කරගන්න මුදල් බාවිතා කරන්න ගත්ත.ඒත් මේ මුදල් කියන දේ පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම පොඩි පොඩි නීති රීති වලට යටත් වෙන්න ඕන . මොකද මේ මුදල් කියන දේ කවුරුහරි විසින් පාලනය කරන දෙයක්.ගොඩක් වෙලාවට මේක පාලනය කරන්නෙ රටක මහ බැන්කුව විසින්.පොඩි පොඩි ගනුදෙනු කරන අයට මේක ප්‍රශ්නයක් නොඋනට ලොකු මුදල් ප්‍රමානයක් රටවල් දෙක තුනක අතර හුවමාරු කරද්දි මේක ලොකු ගැටලුවක් වුණා.එහෙම කරද්දි transaction එකට අදාළ සියලුම විස්තර, ලිපි ලේඛන  බැංකුවට දෙන්න ඕන වගේම මේකට යන කාලය සහ වියදම ගොඩක් වැඩි අගයක් වුණා.මොකද මේ transaction එක කරන්න අතරමැදි පුද්ගලයන්/ආයතන 2-3 ක සහයෝගය ගන්න ඕන. තාක්ෂණය ගොඩක් දියුණු වුණත්  දැනටත් මේකට ගොඩක් ලොකු වියදමක් යනව.ඉතින් මේ ක්‍රමයට වඩා ඉක්මන් සහ ලාබදායි ක්‍රමයක් හොයාගන්න ගොඩක් අය උත්සහ කරා Stefan Brands සහ Adam Back කියන දෙන්න විසින් hashcash කියල system එකක් developed කරා Bitcoin හොයාගන්න කලින් කොහොම වුණත් perfect system එකක් නිර්මාණය  වෙන්නෙ 2008 දි Satoshi Nakamoto කියන තාමත් හරියට පුද්ගලයෙක් ද නැත්නම් යම්කිසි කණ්ඩායමක් ද කියල දන්නේ නැති කෙනෙක් විසින්.

අතරමැදි පුද්ගලයකු නැතිව ඉතාම අඩු වියදමකින් ඕනම කෙනෙකුට ලෝකේ ඕනම තැනකට යවන්න පුළුවන්, මුදල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මේ Bitcoin කියන එක  2009 01 03 දින මුල්වරට අත්හදා බැලීම සිදුකරනු ලැබුවා. open source ප්‍රොජේක්ට් වෙච්ච මේ Bitcoin develop කරන්නත් අලුතෙන් crypto field එකට coin හඳුන්වා දෙන්නත් ලෝකේ හැමතැනින්ම කට්ටිය එකතු වෙන්න ගත්ත. මුලින්ම නුහුරු තාක්ෂණයක් වුණත් ටිකින් ටික bitcoin මගින් ගනුදෙනු කරන්න මිනිස්සු පටන්ගත්ත. මුල්ම financial bitcoin transaction එක වුණේ bitcoin forum එකේදි පුද්ලයෙක්  papa john’s pizza shop එකෙන් pizza 2ක් bitcoin 10,000 කට මිලට ගත්ත එක.හරියටම bitcoin වල  අද වටිනාකම ගත්තොත් එක pizza එකක්  $20 million ක් වෙනව. අලුතින් හඳුන්වා දුන්න මේ system එක ලෝකේ පුරා  ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වෙන්න පටන්ගත්ත. ඒකට විශාල හේතුවක් වුණේ මේ bitcoin transactions වල තියෙන රහසිගතබව. ඒක නිසා රටවල් අතර ආයුධ සහ මත්ද්‍රව්‍ය ගනුදෙනු කරන්න ගොඩක් දෙනෙක් මුදල් ගනුදෙනු වලට විකල්පයක් විදියට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න ගත්ත. bitcoin වලට තියෙන ඉල්ලුම වැඩි උනත් bitcoin තියෙන ප්‍රමානය වැඩි කරන්න බැරි නිසා demand එකට සාපේක්ෂව bitcoin වල මිල ඉතාම සීග්‍රයෙන් වැඩි වෙන්න ගත්ත. මුලින්ම $0.01 වගේ වුණු bitcoin එකක මිල අඩුවැඩි වෙමින් ඇවිත් අද වෙනකොට $4000 වගේ අගයකට ඇවිත් තියෙනව.මේ හේතුව නිසා අද වෙද්දි  investment opportunity එකක් විදියට මේ bitcoin පාවිච්චි වෙනව වගේම ඉතා විශාල financial industry එකක් මේ bitcoin වටා ගොඩනැගිල තියෙනව


එදා bitcoin වලින් පටන්ගත්ත cryptocurrency field එක bitcoin වලට අවුරුදු 10 k පිරෙන මේ අවුරුද්ද වෙද්දි ඉතාම ලොකු  ගමනක් ගිහින් තියෙනව. Bitcoin වගේ coin විශාල ප්‍රමානයක් සහ coin නොවන token විශාල ප්‍රමානයක් අද cryptocurrency market එකේ තියෙනව ඒවගෙ ආයෝජනය කරල සහ නොකර bitcoin/altcoin එකතු කරන්න  පුළුවන් ක්‍රම ගැන,bitcoin වල technical details, wallets සහ cryptocurrency ගැන වැදගත් තොරතුරු අපි ඉස්සරහට post වලින් කතාකරමු.

- Dasun Jayarathna -

Post a Comment

0 Comments