Bitcoin Sinhala

Cryptocurrency exchanges - Introduction


Cryptocurrency field එකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තමා cryptocurrency exchanges කියන එක. මොකද අපිට නිතරම cryptocurrency exchange කරගන්න වෙනව. අපි ළඟ තියෙන crypto එකක් දීල වෙන crypto එකක් හරි USD හරි ගන්න නම් අපේ crypto exchange එකකට දාන්න වෙනව.මූලික වශයෙන් crypto exchanges වර්ග දෙකක් තියෙනව ඒ තමා 

01 centralized exchanges Ex - binance  

02 decentralize exchanges Ex - binance Dex

මේකෙන් ගොඩක් ලොකුවට use වෙන්නෙ centralized exchanges. ලස්සන interface එහෙම තියෙන්නෙ මේවගේ තමා .මේව කරන්නෙ කවුරුහරි team එකක් මැදිහත් වෙලා ඉතින් මේ team එක අතේ තමයි මේ exchange එකේ තියෙන crypto/සල්ලි වල වගකීම තියෙන්නෙ. ඕනනම් team එකට පුළුවන් සියලුම crypto අරගෙන පැනල යන්න වුණත් 

අනිත් exchanges වර්ගය තමා decentralize exchanges.මේව කරන්නෙත් team එකක් එකතුවෙලා වුණාට අපේ funds එයාලට දෙන්නෙ නැතුව අපිට trade කරන්න පුළුවන්. මේවගේ interface එච්චර user friendly නැහැ.හැබැයි දැන් තියෙන security ප්‍රශ්නත් එක්කා ඉස්සරහට decentralize exchanges තමා වැඩිපුර use වෙයි කියල හිතෙන්නෙ.

ඉතින් centralized  exchange එකකට අපේ crypto දැම්ම කියන්නෙ අපේ සල්ලි අපි වෙන කෙනෙක්ගෙ අතට දුන්න වගේ. ඉතින් මේ කෙනාගේ විශ්වාසනීයභාවය ගොඩක් වැදගත්.හදිස්සියෙවත් exchange එක එකපාරටම නැති වුණොත් හෝ exchange එක hack කරල කවුරුහරි crypto හොරකම් කරොත් exchange එකේ තිබ්බ ඔයාගෙ  crypto(සල්ලි) ඔක්කොම නැති වෙනව. එහෙමත් කලින් වෙලත් තියෙනව. Cryptoia exchange එකේ දාලා තිබ්බ crypto hack එකෙන් පස්සේ නැති වුණා. Trading කරනවානම් අනිවාර්යයෙන්ම exchanges list එකේ උඩින් ඉන්න trusted exchanges වල විතරක් trade කරන්න සහ daily trading කරන්නෙ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගෙ crypto ටික personal wallet එකකට දාල තියාගන්න.ඉතින් මේ post series එකෙන් දැනට තියෙනව හොද main exhange වල විස්තරයක් ගේන්..කොහොම වුණත් ඔයාලට ටික දවසක් යනකොට තේරෙනවා මේ ගොඩක් exchanges වල account හදන්න අපිට වෙන වග. ඉතින් trust අඩු risk exhange වල විතරක් තියෙන coin එකක් buy කරන්න හරි sell කරන්න හරි ඕන වුණොත් අනිවාර්යයෙන්ම buy sell කරපු ගමන්ම crypto ටික wallet එකකට withdraw කරගන්න අමතක කරන්න එපා..
- Dasun Jayarathna -

Post a Comment

0 Comments